Colombo Today Local News

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

kilinochchi war  monuments
ආරක්ෂක හමුදා විසින් කිළිනොච්චි නගරයේ ස්ථාපිත කර තිබෙන යුද ස්මාරක ඉවත් කළ යුතු බවට උතුරු පළාත් සභා මන්ත්‍රී සුබ්‍රමනියම් පසුපතිපිල්ලේ විසින් කිළිනොච්චි දිස්ත්‍රික් කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළිනොච්චි දිස්ත්‍රික් කමිටුව පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදීය.

යුද සමයෙන් පසුව නගරය තුළ ඉදි කර තිබෙන යුද හමුදා ස්මාරක හේතුවෙන් එම ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවට නැවත නැවතත් යුද්ධයේ කටුක මතකයන් සිහිපත් වී ඔවුන්ට යළි යළිත් අතීතය ආවර්ජනය වන බව මන්ත්‍රීවරයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් පවසා ඇත්තේ යුද ස්මාරක දැකීමෙන් ද්‍රවිඩ ජනයාගේ මානසික තත්වය දැඩි පීඩනයකට ලක්වන බැවින් ඒවා ඉවත් කළ යුතු බවයි. කිළිනොච්චි නගරයේ දෙමළ ජනතාව සතු භූමිය බවත් එම ඉඩම්වල සිංහල ජනතාව පදිංචි කර ඇතිබවද ඔහු චෝදනා කර ඇත.

Related posts

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල අද වනවිට තවත් පහල දානවා… මහින්ද වැඩේ කෑවා…

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

බෝම්බ ලොරියක් ගැන තොරතුරු… ආරක්ෂාව දෙගුණ කරයි…

colombotoday

රටම බලා සිටි තීන්දුව මෙන්න… පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි…

colombotoday