Colombo Today Local News

මැතිවරණ පිළිබද දැනුම්දීමක්

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමා සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා ඉහළ යනු ඇත්තේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6ක් දක්වාය.

ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වාත් තව ද මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11,000ක් ලෙස ත් ත් ඉහළ යනු ඇත.

තව ද පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000ක් වන ලෙස ත් ඇප තැන්පතු ගාස්තු ඉහළ යනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සහ අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

Related posts

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් 350 ක් නිදැල්ලේ. | අපි ඉන්නේ අනතුරක. | සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා.

colombotoday