Colombo Today Local News

සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් හා සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මුලික කරගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ දී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසුවේය.

එහිදී වැල්ලවත්ත, මිටියාගොඩ, කෙසෙල්වත්ත,රත්ගම, ගල්කිස්ස සහ අංගොඩ යන ප්‍රදේශවල දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 8 දෙනෙකු සහ ඔවුන් සමඟ විවිධ සබඳතා පවත්වමින් අපරාධ සඳහා සහාය දැක්වු තවත් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර…

colombotoday