Colombo Today Local News

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

එළැඹෙන මහ මැතිවරණයේචදී ඉලක්ක කර ගනිමින් තම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග හෝ දෙමළ සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 29 වැනි සමුළුවේදී තමන් කළ කථාව තුළින් වැරදි මතයක් සමාජගත ව තිබෙන බවත් ඔහු පැවැසීය.

මුස්ලිම් කොංග්‍රසයේ නායකවරයා එසේ පවසා සිටියේ මහනුවරදී ඊයේ (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතු වී කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත්ය.

ඉදිරි මහ මැතිවරණය ඒ සඳහා මුස්ලිම් කොංග්‍රසය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ගොඩනැගෙන සන්ධානය සමග එක්ව තරග කරන බවත් තමන් මහනුවර දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත්වන බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

Related posts

ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳා ගන්න බැහැ.. – ජනපති

Admin

මුලතිව් විනිසුරුට සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට

Admin

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday

පසුගිය ආණ්ඩුව දුන් දේ මේ ආණ්ඩුව නැවත ගනී !!

colombotoday

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

colombotoday