Colombo Today Local News

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

පොලීසිය පවසන්නේ ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව යි.

ගම්පහ, උඩුගම්පොළ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරු 4ට පමණ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී අදාළ ස්ථානයේ හිමිකරු වන 34 හැවිරිදි ප්‍රසන්න ලක්මාල් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා මේ වනවිට විදේශගතවී සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර චානක නමැත්තාගේ මස්සිනා බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ගණේමුල්ල සංජීව නමැත්තාගේ සමීපතමයන් වන දැනට විදේශගතව සැඟවී සිටින ලක්මාල් නමැත්තෙක් සහ දිනේෂ් වසන්ත නමැත්තෙක් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට ද පොලීසිය සැක කරයි.

පොලීසිය වැඩිදුරටත් සැක කරන්නේ ඔවුන් දෙදෙනා විසින් සිය ප්‍රතිවාදියෙකු වන කෙහෙල්බද්දර චානක නමැත්තාගෙන් පළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට යි.

Related posts

ගුරු ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

අගමැති හොදා…යි.. මගේ ඡන්දෙත් ඔහුටයි… රනිල්ට එරෙහි මහ කස කරු රංගේ බණ්ඩාර

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

colombotoday

රනින් දිනූ දිනේෂ් ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට මුදල් ත්‍යාග

colombotoday