Colombo Today Local News

සමලිංගිකයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට.. ගිය මාස 6 ඇතුළත ආසාධිතයන් 128ක් හදුනාගෙන!

hiv aids uprising in lgbt comunity

මේ වසරේ ගතවූ මාස හය ඇතුළතදී එච්.අයි.වී. ආසාදිතයන් 128 දෙනෙක් හඳුනාගෙන ඇතැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානය කියා සිටී. මේ අතරින් 70%ක් පුරුෂයින් බව පැවසේ.

සමලිංගික සබඳතා එච්.අයි.වී. පැතිරයාමට හේතුවක් වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

එච්.අයි.වී. ආසාධිතයන් වැඩි පිරිස වයස අවුරුදු 25 – 45 අතර පසුවන බවද කී ඒ මහතා වයස අවුරුදු 15 – 25 අතර පිරිසෙත් 10%ත් 15%ත් අතර එච්.අයි.වී. ආසාධිතයන් සිටින බව හඳුනාගෙන ඇතැයි ද ඔහු කීය.

මේ වන විට එච්.අයි.වී. ආසාධිතයන් දෙදහසක් පමණ සමාජයේ සිටින බව හඳුනාගෙන ඇතැයිද, එය හඳුනා නොගත් අයත් ගණනය කළහොත් හාරදහසක් පමණ විය හැකි බවද සිසිර ලියනගේ මහතා පැවසීය.දැනට එච්.අයි.වී. ආසාධිතයන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවද ඔහු කියා සිටියේය.

වසර 1985 සිට මේ දක්වා එච්.අයි.වී. ආසාධිතයන් 2,438ක් හඳුනාගෙන ඇතැයිද ඒ අතරින් මේවන විට 390ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

Related posts

19 වෙනි සංශෝදනයෙන් රටේ නායකයෝ තුන් දෙනෙක් හැදුවා – ජනපතිගෙන් චෝදනා

colombotoday

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

colombotoday

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

Admin