Colombo Today Local News

19 වෙනි සංශෝදනයෙන් රටේ නායකයෝ තුන් දෙනෙක් හැදුවා – ජනපතිගෙන් චෝදනා

වසර හතර හමාරක් ආණ්ඩුවේ සිටි පිරිස ජනාධිපතිධූරය අහෝසි කරනවා කියා උතුරේ ජනතාව රවටා දකුණේ ජනතාව රට බෙදනවා කියා වෛරයට ලක්කරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.

19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය ජනාධිපතිට,අගමැතිට හා කථානායකට බලය බෙදී තිබීමෙන් ඔවුන් සමඟ වැඩකරන විට රට අවුල් සහගත තත්වයකට පත්වන බවද ජනාධිපතිවරයා පැවසීය.

රට ගොඩගැනීමට නම් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවත් ගැටළුව නම් 19 වැනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වන අගමැතිවරයා කියන එක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

මගේ අවුරුදු පහකට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තිබෙනවා.  ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිදු කෙනෙකුට පත්තුකරලා නැහැ. ඒක මම පැහැදිලිව කියන්නට ඕනෑ. අනෙක් හිටපු සියලු ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ආණ්ඩුවේ තුවක්කු පත්තුකළ හැටි ආණ්ඩුවේ මැදිහත්කම මත දේශපාලන වශයෙන් හිරිහැර කරපු ඒවාල ශාරිරික වද හිංසා දුන්න ඒවාල ගෙවල් දොරවල් ගිනිතියපුවා, මාධ්‍ය ආයතන ගිනිතියපුවා, මාධ්‍යවේදීන්ට කළ හිරිහැර පීඩා. මා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය ශක්තිමත් කරලා තිබෙන්නේ ඒ නිසා කිසිදු චෝදනාවක් මට නැහැ. ඒ නිසා විවේචන කොච්චර තිබුණත් නිදහස, සාමය හා සමානාත්මතාවය මට කළ හැකි උපරිම ලෙස ඉෂ්ඨ කරලා තිබෙනවා.

ඒ වගේම කියන්නට ඕනෑ පසුගිය අවුරුදු හතර හමාරෙන් අවුරුදු හතරක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගණනක් වියදම් කළා. අපේ මැති ඇමැතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යනය කරන්න ලෝකයේ රටවල්වල ගියා. මා කියා තිබුණා ඡන්දෙට ඉස්සල්ලාත් පස්සේත් පසුගිය වසර හතරේදීත්  ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු හතරහමාරක් පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරුද්දක් නොවෙයි.

අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ගැන කතාකරන විට විශේෂයෙන්ම රට සංවර්ධනය කරන්න රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දේශපාන බේද අමතක කර ආණ්ඩුව හා විපක්ෂය මෙය ඉටුකළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැතිනම් රටේ යහපත් රාජ්‍යයක පාලනයක් ඇති කරන්න බැරිවයනවා. ජනාධිපතිවරණය ළඟ එන අතර ආණ්ඩුවට තවමත් මෙය නිවැරදි කරන්නට කාලය තිබෙනවා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි” – මහ බැංකු අධිපති

colombotoday

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

වෛද්‍ය සිසුන්ට පහරට දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දේශ පාලන මැරයෝ

colombotoday

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday