Colombo Today Local News

ජනපති දෙලොවක් අතර.. අගමැති එනතුරු ඉල්ලා අස්වීම භාර නොගනී.. දිල්රුක්ෂි තවම වැඩ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්ම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතත්, ජනාධිපතිවරයා විසින් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයා දිවයිනට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීම භාර නොගැනීමට ජනධිපතිවරයා තීරණය කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

තනතුරිල් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා දැඩි ලෙස දෝශ දර්ශනයට ලක්කර ඇති අතර ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත්, ඉල්ලා අස්වීමේ තීරණය හකුලා ගන්නා බව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හිතවතුන් සමග පවසා ඇති බවද සදහන් වේ.

ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කල පසුව එය පිලිගත්තද නැතද සේවයට වාර්තා නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මය තව දුරටත් අල්ලස් කොමිසමේ රාජකාරී කටයුතුවල නිරතවන බවද වාර්තා වේ. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට පමණක් අදාල වන සේ දීමනා ඉහළ දැමීමට සහ, ඇය පෙර දැරූ තනතුරටද අදාලව වැටුප් දෙකක් ලබාදීමට පසුගියදා අගමැතිවරයා විසින් තීරණය කළ අතර ඒ සදහා කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

Related posts

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

ඩීසල් හිඟය දින 2 කින් පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශයෙන් සහතිකයක්

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරුයි.

colombotoday

රටට සතුරු ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. ඊට විරුද්ධ ජාතික නායකයන් දඩයම දැන් අරඹුනා !

colombotoday

ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !

colombotoday