Colombo Today Local News

පානීය ජල බෝතලෙත් සැගවුණු මාරයෙක්, වර්ග 37ක් ප්‍රමිතියෙන් තොරයි.

minralතෙල් සහ ග්‍රීස් අඩංගු පානීය ජල බෝතල් වෙළඳපොලේ විකිණීමට තිබියදී සොයාගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. වෙළඳපොලේ අලෙවි කරන පානීය ජල බෝතල් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිලි මත සිදුකරන ලද වැටලීමකදී මේවා සොයා ගත් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර රජයේ රස පරීක්ෂක, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී පානීය ජල බෝතල් 37 ක් ප්‍රමිතියෙන් තොර බවටද අනාවරණ වී තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ අඛන්ඩව වෙළඳපොලේ විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති පානීය ජල බෝතල් සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියටත් සිදුකරන බවයි.

Related posts

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

Admin

මැදවච්චියේ දෙදරු මවක් දියණියගේ පාසල ඉදිරිපිටදී පියා කපා කොටා ඝාතනය කරයි.

colombotoday