Colombo Today Local News

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

දිගුකාලීන බදු පදනම යටතේ චීනයට පවරා දී තිබෙන හම්බන්තොට වරාය ආශ්‍රිතව මුහුදේ ඉදිකර තිබෙන විශේෂ දූපත චීනයට පවරා දෙන්නේ නැතිනම් මෙම ගනුදෙනුවේ ඉදිරි වාරිකය ලබාදිය නොහැකි බව අදාළ චීන සමාගම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දූපත ඔවුනට පවරනතුරු ගෙවීම අත්හිටුවා තිබේ.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක් පමණ වැයකොට සංචාරක ප්‍රවර්ධනයට උපයෝගී කරගැනීම පිණිස ඉදිකළ මෙකී දූපත හෙක්ටයාර 110කින් සමන්විතය.

මෙහි අද වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මන බවද කියැවේ.

කලින් සැලසුම් කර තිබුණේ මෙහි සංචාරක හෝටල් විනෝදාගාර ආදිය ඉදිකිරීමටය. හම්බන්තොට වරාය චීනයටබදු දීමත් සමඟ එම දූපතද එහි ගිවිසුමට අදාළ බව චීනය කියා සිටී.

මෙකී අලුත් දූපත ශ්‍රී ලංකා දේශසීමාවට අයත් නව දූපතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය.

එහෙත් තවමත් එලෙස ගැසට් කර නැත.

එසේ දූපත ගැසට් කිරීමට දකුණු පළාත් සභාවේ අනුමැතියද අවශ්‍ය වේ. එහෙත් දූපත මෙලෙස අලුතින් ගැසට් කොට චීනයට පවරාදීමට දකුණු පළාත් සභාවේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි දැනගන්නට ඇත.

එනිසා නව දූපතේ ප්‍රශ්නය බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.

මූලාශ්‍රය – දේශය

Related posts

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday