Colombo Today Local News

2020 ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට යෝජනවක්…

 ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලඟ ජනාධිපතිවරණයේදී හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදරිපත් කිරීමේ සැලසුමක් ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්‍ෂයේම මැති ඇමති පිරිසක් විදේශ තානාපති අංශයක සහායද ගෙන මේ සදහා දැනටමක් කටයුතු අරඹා ඇතත් එජාපයේ වැඩි පිරිසක් මෙම යෝජනාවට එකග නැති අතර තම පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කල යුතු බව තරයේ කියා සිටිනවා.

පොහොට්ටුවෙන් ගෝඨාභය තරග වදිතොත් ඔහුට ප‍්‍රභල තරගයක් දිය හැකි බවත් සංගක්කාර ලවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරවීමේ පොරොන්දුව ලබා දිය හැකි බවත් තානාපති අංශ විසින් උපදෙස් දී ඇති බවද සදහන්ය.

එමෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්දද පහසුවෙන් ඔහුට ආකර්ශණය වෙතැයිද මෙම තක්සේරු කර ඇත.

කෙසේ වෙතත් සංගක්කාර මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර උත්සාහය තව දුරටත් ක‍්‍රියාත්මක කර ඇතැයිද වාර්තා වනවා.

උපුටා ගැනීමකි.

Related posts

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

ගොවීන්ගේ කෝටි 25කට විදලා මූල්‍ය සමාගමක හිමිකරු රට පනින්න සැලසුමක

colombotoday

කෝටි දෙකක කොකේන් සමඟ සංචාරකයෙක් රේගුවට මාට්ටූ

Admin

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday