Colombo Today Local News

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

ත‍්‍රස්තවාදියා කවුද රණවිරුවා කවුද කියා පැහැදිලි කර ගැනීමට අද සමහරුන්ට නොහැකි වීම කණගාටුවට කරුණක් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමිනි.

උතුරේ පැවති යුද ගැටුම්වලදී හමුදාව අතින් සිවිල් වැසියන් මිය ගියේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට සමාජයේ විවිධ ස්තරයන්ගෙන් දැඩි විවේදන එල්ල වෙද්දී ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කිරීම විශේෂයකි.

මේ සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස විග‍්‍රහ කරන අයුරින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරයාගේ යෝජනා තුළද අපගේ ආරක්ෂක හමුදාවන්ට යුධ අපරාධ පිළිබද චෝදනා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ඒ පිළිබ`ද අද චෝදනා නගන්නේ රටින් පිට සිටින රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පිරිස් විසින් බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමිනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා කවුද යන්න ඇතැමුන්ට තේරුම් ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවයි.

ඇතැම් දේශපාලනඥයින්ට මෙන්ම මුදල් පසුපස හඹායන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලටද අද රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා අතර වෙනස අවබෝධකරගත නොහැකිව ඇති බව ස`දහන් කළ ජනාධිපතිතුමා දේශීය චින්තනය, අපේකම් අපේ උරුමය ශිෂ්ටත්වය සහ සභ්‍යත්වයේ ගෞරවය තුළ සෑමවිටම රට, ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා එම සියලූදෙනාගෙන් ඉල්ලන බව ද පැවසීය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන්ට සැමදා ජාතියේ උත්තමාචාරය හිමිවන අතර, රණවිරුවන්ට ලබා දියහැකි ඉහළම ගෞරවය සහ ප‍්‍රණාමය පුද කිරීමට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුබසාධනය උදෙසා රජය අඛණ්ඩව කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

අද ඇතැම් රාජ්‍ය මාධ්‍යවලට ද රණවිරුවන් ඇගයීම අතපසු වී තිබෙන අතර අතැම් රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ද වත්මන් රජය විසින් රණවිරුවන් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබ`ද කථා නොකිරීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පැවසීය. වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මාතෘ භූමිය වෙනුවෙන් කළ කැපවීම් පිළිබ`ද නිරන්තරයෙන් ජනතා මතකය අවදි කරමින් ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි ගෞරවය පුද කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා එම සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය.

රණවිරුවා කිසිවිටෙකත් දේශපාලන අතකො`ථවක් නොවිය යුතු අතර, දේශපාලනඥයන්ට බලයට ඒමට, බලයට එන ආණ්ඩු පෙරළීමට හෝ දේශපාලන පක්ෂ සංවිධානය කිරීමට ඔවුන් භාවිතා නොකළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වුවද තවමත් මතවාදී ලෙස පරාජය වී නොමැති අතර, රටින් පිට සිට තවමත් ඊලාම් රාජ්‍යයක් පිළිබ`ද සිහින දකින එම අන්තවාදින්ගේ සිහින ඉටුකර ගැනීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය වසර තුන හමාර තුළ රජය සිය මිත‍්‍ර රාජ්‍යයන්ගේ ද සහය ඇතිව කැපවූයේ රට බෙදන එම මතවාදයන් පරාජය කිරීම වෙනුවෙන් බවත් ඉදිරියට ද එම සියලූදෙනාගේ සහය ඇතිව එම වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ත‍්‍රස්තවාදය පරදා ලක්වාසී සියලූ ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදාකර දීමට දිවිහිමියෙන් සටන් වැදුණු වීරෝධාර රණවිරුවන් සමරා වාර්ෂිකව පැවැත්වෙන රණවිරු සැමරුම මෙවර ද ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙහිදි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා මාතෘ භූමිය වෙනුවෙන් දිවිපි¥ සියලූ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

 

Related posts

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

colombotoday

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

colombotoday

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday