Colombo Today Local News

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරන්නේ, එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු මෙසේ ඉවත් කෙරුණු බවයි.

විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට කැඳවූ බවද ලේකම්වරයා සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

Related posts

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

බලය බෙදන්න තිබුණේ 1948 නිදහස ලැබෙනකොටයි… අපේ ස්ථාවරය බලය බෙදීමයි…

colombotoday

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin