Colombo Today Local News

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට කරුණු වාර්තා කර ඇත.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ බද්ද නැවත සකස් කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය පෙබරවාරි මස ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට පසුගිය 8 වැනිදා රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමටයි.

ඒ සඳහා ධීවර අමාත්‍යාංශයේද අනුමැතිය ලැබී තිබේ. දැනට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70කි. මිල 10%කින් වැඩි කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 77 දක්වා වැඩි වෙයි. ඇමැති කමිටුව යළිත් වරක් රැස්වී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සක්‍රිය ලෙස පවත්වාගෙන යාමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරනතුරු අතුරු විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

2014 සිට 2020 දක්වා භූමිතෙල් සහනාධාරය ක්‍රියාත්මක කිරීම නිසා මහා භාණ්ඩාගාරයෙන් බලශක්ති අමාත්‍යාංශයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන තිස්හතරදහස් හයසිය අනූපහකි.

Related posts

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

colombotoday

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

BREAKING : නවතම ඇඳිරිනීති නිවේදනය

colombotoday

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

colombotoday

“නව පනතින් ස්වාධීන නිදහස් භික්‍ෂු සමාජයක් ගොඩනැගෙනවා… ඊට අකුල්හෙළන්නේ අන්තවාදීන්“ – බෙල්ලන්විල හිමි

colombotoday