Colombo Today Local News

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

රාත්‍රී 8ට පමණ එම වෙළඳසැල් හිමිකාරිණිය සහ ඇගේ සොහොයුරිය බිම් මහළේ පිහිටි වෙළඳසැල වසා උඩු මහළේ තිබෙන නිවෙසට ගොස් ඇති අතර පසුව වෙළඳසැල ගිනිගෙන ඇති අයුරු දැක තිබේ.

ඔවුන්ගේ කෑගැසීම ඇසී පැමිණි අවට ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ දැනුම්දීම මත පැමිණි පොලිසිය විශාල උත්සාහයක් දරා එය නිවා දමා ඇතත් ඒ වනවිට මුළු වෙළඳසැලම ගින්නෙන් විනාශවී ඇති බවද පොලිසිය පවසයි.

මෙම ගින්න කෙසේ ඇතිවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

colombotoday