Colombo Today Local News

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට…

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට  ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු බන්දියන්වැව අරක්යාල කැකුනුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෙතෙම සහාරන්  පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහාභාගී වී ඇති අතර අබු හසාම් යන අනුවර්ථ නාමයද ලබාදී තිබේ.

සහාරන්ගේ බොම්බ පිපිරීමෙන් පසුව සැකකටයුතු ලෙස  පුද්ගලයින් විශාල අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 16 පිරිමි දරුවෙකු හමුවුණු පළමුවන අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.

දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බාලවයස්කාර  දරුවන්ට පුහුණු කර ඇත්දැයි පරීක්ෂණ නිලධාරීහු සැක පළකරති.

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි හසන්ත මාරපාන මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් අපරාධ පරීක්ෂන නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Related posts

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිරයි

colombotoday

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

colombotoday

“උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”

colombotoday