Colombo Today Local News

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් නියෝග කළ කෑගල්ලේ හිටපු පොලිස් ප්‍රධානියා වන කේ.බී. කීර්තිරත්න මේ වන විට පොලිස් රෝහලේ නේවාසිකව රැදී සිටින බවට වාර්තා වේ.

කෑගල්ල අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඊයේ නියෝගය නිකුත් කිරීමත් සමඟ තමාට වමනය යන බව සඳහන් කරමින් සවස 2.30ට පමණ ඔහු රෝහල්ගතව ඇති බවටයි වාර්තා වන්නේ.

නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ වෙනම කාමරයක මේ වන විට ඔහු නේවාසිකව රැදී සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද රෝහල තුළ රැදී සිටිමින් ඔහු පිළිබඳව විමසිලෙන් සිටින බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රෝහලින් පිටව ගොස් අතුරුදන්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙසේ ඔහුව අවේක්ෂණය කරන බවයි.

Related posts

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අහෝසියි.. සියලු මැනුම් ඇමරිකා සමාගමකට.. කැබිනට් යෝජනාව එයි

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල

colombotoday