Colombo Today Local News

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා මේ වන විට 8500 ක් පමණ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැදවියන් සංඛ්‍යාවක් ඇප මත නිදහස් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කළා.

ඒ අද පස්වරුවේ මහර බන්ධනාගාර සිද්ධියේ අවසන් කමිටු වාර්තාව ලබා ගැනීමට එක් වූ අවස්ථාවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා,

මත් ද්‍රව්‍යවලට යොමුව බන්ධනාගාර ගතව ඇති පුද්ගලයින්ගෙන් මත්ද්‍රව්‍ය වෙළදාම් කරනු ලබන අය හා මත් ද්‍රව්‍ය පානය කරන්නන් හදුනා ගෙන මත්ද්‍රව්‍ය පානය පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට පියවර ගත යුතු බවත් ඒ සදහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කර ගෙන යනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම හා නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ද ගෙන තිබෙනවා.

Related posts

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin

ඥාණසාර හිමිට උපරිම දඩුවම් දෙන්න.. එජාපයේ ඉහළම තැන් දෙකකින් බලපෑම් !

colombotoday

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday