Colombo Today Local News

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී පුතා ඇතුළු හතකට ඇප

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි සැකකරුවන් 07දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් රසික බණ්ඩාර අලුත්ගමගේ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කළා.

Related posts

මනුෂ්‍ය ඝාතන 12ක් සිදුකර නිදැල්ලේ සිටි ‘තංගල්ලේ සුද්දා’ අත්අඩංගුවට

colombotoday

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin

පාසල් අගෝස්තුවේ යළි අරී ?

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin