Colombo Today Local NewsfeaturedTop Stories

මහවිරු දින පොලිස් නිලධාරීන් ඝාතනය යටගැසීමේ තැතක්. රණ ශුර,රණ වික්‍රම බුද්ධි නිලධාරියා අද(26) අත්අඩංගුවට?

2018 නොවැම්බර් 30 දින කොටි මහවිරු දිනයට සමගාමීව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවමින් මඩකලපුව වවුනතිව් පොලිස් මුරපොලට එල්ලකෙරුණු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් යලි කොටි ත්‍රස්තවාදීන් හිස එසවීම පිළිබඳව රට තුල භීතියක් ඇති විය. ඊට දින කිහිපයකට පසුව මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරමින් කොටි සංවිධානයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණු නමුත් ප්‍රහාරයේ මහ මොළ කරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබිණි.

මෙම ප්‍රහාරයේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණු අතර පොලිස් සහ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන ලදි. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයේ සේවය කරන දක්ෂ බුද්ධි නිලධාරීන් පිරිසක් විසින් ප්‍රහාරය මෙහෙයවූ LTTE සන්නද්ධ ජාලයක තොරතුරු රැසක් අනාවරනය කරගැනීමට සමත් විය.

මේ අතරතුර, මෙම අනාවරණයන් සිදු කර ගැනීම සඳහා ජාත්‍යන්තර කොටි බුද්ධි ජාලය නිරීක්ෂණය කරමින් සිටින බුද්ධි නිලධාරියකු රහස් පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගැනීම සඳහා සුදානමක් පවතින බව වාර්තා වෙනවා. පෙබරවාරි 5 වනදා අදාළ නිලධාරියාට රහස් පොලීසිය හමුවේ පෙනී සිටීමට කැඳවා තිබුන නමුත් විශේෂ බුද්ධි රාජකාරී සඳහා යොදවා සිටි ඔහු එදිනට ඉදිරිපත් කිරීමට නොහැකි බව නාවික හමුදා මුලස්ථානය විසින් දන්වා යවා තිබුනා.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇතිබැවින් අදාළ නිලධාරියා වහා අද(26)දිනයේදී රහස් පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස නාවික හමුදා මුලස්ථානය වෙත රහස් පොලීසිය දන්වා ඇති බවයි නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ. මේ සිදුවීම් හමුවේ, විශේෂ බුද්ධි මෙහෙයුම්වලට සහ රටේ ජාතික ආරක්ෂාවට වඩා ජාත්‍යන්තරය සතුටු කිරීමේ අරමුණකින් රහස් පොලිසිය ක්‍රියාකරනු ලබනවාදැයි රටේ ජනතාව හමුවේ ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.

“පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම” සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායැයි පවසමින් අදාළ බුද්ධි නිලධාරියා 2019 පෙබරවාරි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. මීට ඉහතදී 2015 දෙසැම්බර් 07 වන දින එම බුද්ධි නිලධාරියා විසින් රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇති අතර වසර 4කට පසු නැවත වරක් ඔහු පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම පිළිබඳව හමුදා බුද්ධි අංශ කැළඹීමකට පත්ව ඇත. මෑතක සිට ඉතා වේගයෙන් සක්‍රියවන LTTE සන්නද්ධ ජාලය මර්ධනය කිරීම සඳහා බුද්ධි ජාල මෙහෙයවමින් සිටින මෙම නිලධාරියා පිළිබඳව LTTE බුද්ධි ජාලය කරුණු අනාවරණය කරගැනීම හේතුවෙන් කොටි ඩයස්පෝරාව හරහා දේශපාලන මැදිහත්වීමක් සිදුකර ඔහුගේ නම වෙනත් නඩුවකට ඈදා අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර, පරීක්ෂණවලින් ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට සැකයක් පවතින බව විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු අප සමග ප්‍රකාශ කර සිටියා.

අත්අඩංගුවට ගැනීමට නියමිත නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා 2000 වසරේදී නාවික හමුදාවට බැඳී ඇති අතර 2002 වසරේදී බුද්ධි අංශයට ඇතුලත්ව මේ දක්වා සේවය කරමින් සිටියි. ඉතා විශිෂ්ඨ ගනයේ බුද්ධි ක්‍රියාන්විත 29ක් සඳහා සක්‍රියව දායකත්වය ලබා දී ඇති ඔහු ශ්‍රී ලංකාව තුල එතෙක් මෙතෙක් සොයාගත් විශාලතම බෝම්බ ලොරිය සොයා ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. ඔහු සිදු කල සේවය සලකා රණ වික්‍රම පදක්කමෙන් පිදුම් ලබා ඇති මෙම නිලධාරියා අවස්ථා දෙකකදී රණ ශුර පදක්කමින් පිදුම් ලබා ඇත. වසර 2007 දී ඔහු සිදුකල සේවය සලකා ක්ෂේත්‍ර උසස්වීමක් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කර ඇත. ඔහු සිදුකල සේවය ඇගයීමට ලක් කරමින් නාවික හමුදාපතිවරු තිදෙනෙක් අවස්ථා හතකදී ප්‍රසංශාත්මක ලිපි 7ක් ලබා දී ඇත. 2007 වසරේදී බුද්ධි අංශ සිදුකල මෙහෙයුමක් අතරතුර එල්ලවූ ප්‍රහාරයකින් දරුණු ලෙස ඔහුගේ ඇසකටද හානි සිදුවී ඇති බව අදාළ නිලධාරියා පිළිබඳව අප කල සොයාබැලීමකදී වාර්තා විය.

Related posts

“අවුරුදු පහකට බලයට ආපු මිනිහට අනාගත පරම්පරා විස්සක් තිහක් උකස් තියන්න බෑ” – විජයදාස නැවත හඬ අවදිකරයි

colombotoday

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි

colombotoday

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

colombotoday

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday