Colombo Today Local News

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

අක්කරපත්තුව අධිකරණ සංකීර්ණයට අයත් උඩුමහලේ පිහිටි ලේඛණාගාරය තුල අද අළුයම 4.10ට පමණ හටගත් හදිසි ගින්නකින් නඩු කටයුතුවලට අදාල වටිනා ලිය කියවිලි රැසක් විනාශවී තිබේ.

මෙම ගිනිගැනීම එහි නව ගොඩනැගිල්ලේ හටගෙන ඇති බව මුලින්ම එහි මුරකරුවකු දැක ඒ බව අධිකරණ පරිශ්‍රයේ ඇති ‍පොලිස් මුරපොලට දැනුම්දී ඇත.

ඒ අනුව අක්කරපත්තුව පොලීසියේ ජල බවුසරයක් සහ අක්කරපත්තුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ජල බවුසරක්ද එහි පැමිණි පොලීසිය සමඟ එක්ව දැඩි උත්සාහයක් දරමින් එම ගින්න නිවීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව අම්පාර මූලස්ථාන ‍පොලිසියේ පොලිස් නිල සුනඛ අංශය හා ඇඟිළි සලකුණු අංශය ඇතුළු විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා විමර්ශන ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.

එයට සමගාමීව ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක්ද කැඳවීමට පියවර ගෙන ඇති බව එම පොලිස් නිලධාරියා සදහන් කරයි.

Related posts

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin

දැඩි පොලිස් ආරක්ෂාව මැද ඇමති විජේදාස වැඩ බාර ගනී…

colombotoday