Colombo Today Local News

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභාව විසින් මේ වන තෙක් නිකුත් කර නැත.

මේ හේතුවෙන් ඡන්ද ප්‍රතිපළ කිහිපයක් හා අවසන් නිල ප්‍රතිපලය නිකුත් කිරීමට මාධ්‍ය ආයතනවලට නොහැකි වී ඇති අතර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාද සදහන් කරන්නේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඡන්ද ප‍්‍රතිඵල එසැනින් මාධ්‍යයට නිකුත් කළ බවත් අවසන් ප්‍රතිඵල කිහිපය නොලැබුණු බවත්ය.

මැතිවණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම ගැන අවස්ථා කිහිපයකදීම මැතිවරණ කොමිසම විසින් පැහැදිලි කරන ලද අතර මේ වන තෙක් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල දැක ගැනීමට නැත.

නිසි පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම ගැන මැතිවරණ වෙබ් අඩවිය හරහා ජනතාවගෙන් සමාව අයදිමින් පණිවිඩයක්ද පලකර ඇත. Link

Related posts

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

colombotoday

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට ගාස්තු රහිත දුරකතන සේවාවක්

colombotoday

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin