Colombo Today Local News

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට ගාස්තු රහිත දුරකතන සේවාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දී තිබේ.

මෙම දුරකතන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහර ආදී අකටයුතුකම් ක්ශනිකව දනුම් දීමේ අවස්ථාව හිමිවේ.

මෙම දුරකතන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය.

මෙහිදී 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්ත කමිටු නව සාමාජිකයින් සදහා පත්වීම් ලිපි ප්‍රධානය, වනිතා විභව කාන්ත කමිටු ප්‍රකාශනය එළිදැක්වීම සිදුවිය.

Related posts

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ.. එක කොළඹ විශාකාවට.. දෙක මහනුවර මහමායා බාලිකාවට

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්…

colombotoday