Colombo Today Local News

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

මානව හිමිකම් සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සිදු කළ ප්‍රකාශය අනුමත කරන බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසයි.

එහි මහා ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දුන්නේ කාදිනල්තුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා සිදු කළ ප්‍රකාශය නිවැරදි එකක් බවයි.

“මානව හිමිකම් සම්බන්ධයෙන් ආගමික ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ පවා මුළින්ම අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ. ඒ වගේම වර්තමානයේ මැල්කම් රංජිත් කාදිනල්තුමා ද මානව හිමිකම් පිළිබඳව කතෝලික ප්‍රජාව වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කරලා තිබුණා.

එතුමා ඉතාමත් නිවරැදිව පැහැදිළි කරලා තිබුණා ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එල්ල වෙලා තියෙන අභියෝග සහ මානව හිමිකම් මුල් කරගෙන රටට විවිධ බලපෑම් කිරීමට කරන ප්‍රයත්නයන් පිළිබඳව. මානව හිමිකම් කියන්නේ ආගම ඇතුළත තිබෙන දෙයක්. ඒ නිසා ආගම නැතුව මානව හිමිකම් ගැන වෙනම අරගෙන කතා කරන්න බෑ.” යනුවෙන් උන්වහන්සේ පැහැදිළි කළහ.

කාදිනල්තුමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමන්ට එල්ල වන විවේචන තරයේ හෙළාදකින බවද ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් පැවසුහ.

(නෙත් එෆ් එම්)

Related posts

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

colombotoday

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday

පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලා

colombotoday

එජා ප්‍රඥප්තිය කඩකරලා.. අල් හුසේන්ට විදෙස්ගත ලාංකික සංවිධානයකින් නඩු!

colombotoday

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන…

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය හා වර්තමානය දැක්වෙන කෞතුකාගරයක්

colombotoday