Colombo Today Local News

එජා ප්‍රඥප්තිය කඩකරලා.. අල් හුසේන්ට විදෙස්ගත ලාංකික සංවිධානයකින් නඩු!

hussein un  human rightඑක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රධාන වගන්තියක්‌ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට එරෙහිව යුරෝපා මානව හිමිකම් අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලංකාවේ කණ්‌ඩායමක්‌ තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ඔහු ප්‍රඥප්තියේ 13.2 වගන්තිය බිඳදමා ඇති බවට එම පැමිණිල්ල ඉදිරිපත් වේ.

මේ සඳහා විදේශ විනිසුරුවරුන් තිදෙනකු සමඟ නීතිමය සාකච්ඡා පවත්වා ඇති අතර එම චෝදනාව මත මානව හිමිකම් කොමසාරිස්‌ට නඩු පැවරිය හැකි බව එම විනිසුරු කණ්‌ඩායම පැවසූ බව විදෙස්‌ගත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයකුට එරෙහිව යුරෝපා අධිකරණය හමුවේ ගොනු කෙරෙන මුල්ම නඩුව මෙය වේ.

මේ සඳහා කැනඩාව ඔස්‌ටේ්‍රලියාව, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල ශ්‍රී ලාංකික පිරිසක්‌ සහභාගි වේ.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

කොටි විරු සතියක් TNA ප්‍රකාශයට පත්කරද්දී, රණවිරු සැමරුම් උත්සව නොතියන්න රජය තීරණය කරයි

colombotoday

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

colombotoday