ArticlesColombo Today Local News

වැලන්ටයින් දවසේ ලංකාවේ 21ට අඩු තරුණියන් 9400කට අඬන්න වෙන හේතුව මෙන්න

valantine day 14 545

ආදරවන්තයන්ගේ දිනයේදී ශ‍්‍රී ලංකාවේ අවුරුදු 21කට අඩු තරුණියන් 9,400කට ආසන්න සංඛ්‍යාවකගේ කන්‍යාභාවය කෙලෙසෙන බවට සමීක්ෂණයකින් හෙළිවේ.

මේ බව හෙළිවන්නේ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකිනි. ආදරවන්තයන්ගේ දිනයේ වෙළෙඳපොළේ සිදුවන ක‍්‍රියාවලින් ඊට අමතරව ආදරවන්තයන්ගේ දිනයෙන් පසුව ගබ්සා මධ්‍යස්ථාන හා තවත් වෛද්‍ය ආයතන රැසකින් තොරතුරු ලබාගෙන කරන ලද සමීක්ෂණවලින් මේ කරුණු අනාවරණය වන බව එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ වෛද්‍ය අසංක විජෙරත්න මහතා පැවැසීය.

ආදරවන්තයන්ගේ දිනය වශයෙන් සැලකෙන පෙබරවාරි 14 වැනිදා ෆාමසිවලින් උපත් පාලනයට අදාළ බෙහෙත් වර්ග සහ උපත් පාලන කොපු අලෙවිය දෙගුණකින් ඉක්ම ගොස් තිබෙන බවත් පෙබරවාරි 15, 16 සහ 17 යන දිනවල කොළඹ, කළුතර, ගම්පහ, මීගමුව, මහනුවර හා මාතලේ යන ප‍්‍රදේශවල පිහිටි ගබ්සා මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලින් තරුණියන් රැසක් ගබ්සා සිදුකර ගැනීමට පැමිණෙන බවත් වෛද්‍ය අසංක විජේරත්න මහතා සඳහන් කරයි.

ආදරවන්තයන්ගේ දිනයේදී ලබාදිය යුතු හොඳම ත්‍යාගය මේ ප‍්‍රථම ලිංගික එක්වීම බවට මතයක් ප‍්‍රබලව තරුණ පරම්පරාව අතර ෆෙස්බුක් ඇතුළු අන්තර්ජාලය මÛින් ප‍්‍රචාරය වන බවත් මේ තත්ත්වයට පාසල් දැරියන් ඇතුළු තරුණියන් රැුසක් රැුවටෙන බවත් මේ ගැන මවුපියන්, භාරකරුවන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා පවසයි. පෙම්වතුන්ගේ දිනයෙන් පසු දින දෙක තුන විශේෂයෙන්ම තරුණියන්ගේ සියදිවි නසාගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ලබාදෙන ත්‍යාගවල විවිධ තක්සේරු, ආදරය ගැන යම් යම් අවිශ්වාස හේතුවෙන් මේ සියදිවි නසාගැනීම් සිදුවන බවත් වෛද්‍ය අසංක විජේරත්න මහතා පෙන්වා දෙයි.

මීට අමතරව රෝස මල් හා චොක්ලට් වෙන දිනවලට වඩා පෙබරවාරි 14 වැනිදා හයසිය ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ශ‍්‍රී ලංකාවේ රුපියල් 4,500ට වඩා අඩු මුදලට තිබෙන කාමර තරුණ ජෝඩු වෙනුවෙන් පමණක් එදිනට 80%කට වඩා වෙන්වන බවත් මේ සමීක්ෂණ වාර්තාවලින් තවදුරටත් හෙළිවන බවද වෛද්‍ය අසංක විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

මවුබිම ඇසුරෙනි

Related posts

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

colombotoday