Colombo Today Local News

ෆොන්සේකාගේ බෑණා විජේදාසගෙන් කෝටි 25ක් ඉල්ලා නඩු යයි

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් රුපියල් මිලියන 250ක් වන්දි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා එන්තරවාසියක් යවා තිබේ.

හයිකෝප් නඩුවට අදාළව අධිකරණය විසින් රදවා ගැනුණු සිය මුදල් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් පුසගිය දිනවල කළ ප්‍රකාශ නිසා තමන්ට අපහාසයක් සිදුව ඇති බවයි එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ මුදල් හා ගිණුම් අධිකරණය විසින් මේ වන විට නිදහස් කර ඇතැයි ද ඒවා තවදුරටත් රඳවාගෙන සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා බවද ධනුන තිලකරත්න මහතා පවසනවා. ඒ අනුව දින 14ක් ඇතුළත ඉල්ලා ඇති වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

Related posts

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

colombotoday

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

Admin

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday

තමන්ගේ රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් !

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගනී

colombotoday