Colombo Today Local News

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියාසිටියේ, නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා,

“විශේෂයෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනේ, මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, ඒ ව‌ගේම 4 වන දින මේ උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන්න. මේ මාර්ගම භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්, පැදිකරුවන් විකල්ප මාර්ග භාවිත කරන්න කියලා කියන ඉල්ලීම තමයි අපි සිදුකරන්නේ. ඔබට බාධාවකින් තොරව ගමන් කිරීම හැකියාව තියෙනවා. කොළඹ නගරය පුරාම අවශ්‍ය රථ වාහන නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. ඒ නිසා රථවාහන තදබදයක් ඇති නොවී ඔබට ගමන් කිරීමේ හැකියාවක් ති‌බෙනවා. තමන්ගේ ගමනාන්තය සම්පූර්ණ කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්න කියන ඉල්ලීම කරනවා.”

Related posts

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

Admin

ජාත්‍යන්තර පොලීසිය ලවා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා කුදලාගෙන මෙරටට ගෙනෙන්නැයි ඉල්ලයි

colombotoday

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin