Colombo Today Local News

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

89 වන වියේ පසුවූ සුවිශේෂී ගී පද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සියයක් මව් ගුණ ගී දෙසවන වැකුණත් “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” ගීතය ඇසූ සැණින් ලොකු කුඩා සියලුදෙනා එම ගීතයට ඒකාත්මික වෙති.

සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ඔපවත්වූ එම ගී පද මාලිනි විජිතා විජයවීර මහත්මියගේ ය.

ඇය ඊයේ (31) සිය දිවි ගමනට සමුදී තිබේ.

1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

පසුගිය වසරේ ප්‍රදීපා ධර්මදාස ශිල්පිනියගේ මියුරු හඬින් ගැයුනු රම්බොඩගල්ලේ බුදුරුව වන්දනා ගීතයද ඇයගේ නිර්මාණයකි.

මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකෙරේ.

Related posts

පලාලි ගුවන්තො සංවර්ධනය ඉන්දියාවට…

colombotoday

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

colombotoday

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

colombotoday