World

න්‍යෂ්ටික අවි පාලනය ගැන ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කළ බවට අමෙරිකාවෙන් චෝදනා…

රුසියාව සහ අමෙරිකාව අතර ඇති න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කර ඇති බවට අමෙරිකාව චෝදනා කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇරඹුණු සීතල යුද්ධය අවසන් වීමත් සමග න්‍යෂ්ටික අවි භාවිත කිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් 1991දී රුසියාව සහ අමෙරිකාව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹුණි.

මෙම ගිවිසුම හරහා අමෙරිකාවට සහ රුසියාවට යෙදවිය හැකි න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සහ ඒවා බෙදා හැරීමට ගොඩබිම් සහ සබ්මැරීන පදනම් කරගත් යානා යෙදවීම සීමා කෙරේ.

ස්ටාර්ට් ලෙස හැඳින්වුණු මෙම ගිවිසුම 2021 වසරේදී තවත් වසර 5ක් සඳහා දීර්ඝ කළේ ය.

නමුත් අමෙරිකාව චෝදනා කරන්නේ, ගිවිසුමට අනුව සිදු කළ යුතු පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීම රුසියාව ප්‍රතික්ෂේප කරන බවයි.

Related posts

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

colombotoday

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !

colombotoday