Colombo Today Local News

පලාලි ගුවන්තො සංවර්ධනය ඉන්දියාවට…

යාපනය පලාලි ගුවන්තොටුපළ ප්‍රදේශීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජයේ ආධාර ලබාගැනීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කර ඇතැයි තමන්ට වාර්තා වූ බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කී බව ‘දේශය’ පුවත්පත වාර්තා කර ඇත.

හැටේ දශකයේදී ඉන්දියාවේ මදුරාසිය බලා යාමට ද භාවිත කළ පලාලි ගුවන් තොටුපොළ නැවත සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ ආධාර මුලින්ම ඉල්ලා සිටියේ තමන් බවත් පසුව ඒ වෙනුවෙන් ඉන්දීය රජයත් ශ්‍රී ලංකා රජයත් අතර සම්බන්ධීකරණ කාර්යයක් ද තමා විසින් ඉටු කරන ලද බවත් විග්නේෂ්වරන් මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

මෑතකදී පලාලි ගුවන් තොටුපොළ පරිශ්‍රය නිරීක්ෂණය කළ ඉන්දීය බලධාරීන් පිහිටි පොළොව මතම පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කළ හැකි බවට සහතිකයක් ලබාදී ඇතැයි ද මහ ඇමැතිවරයා සඳහන් කර තිබේ.

කෙසේවුවද, පලාලි ගුවන් තොටුපොළ කිසිලෙසකින් හෝ ඉන්දියාවට පැවරීමට කටයුතු නොකරන බවත්, එහි සංවර්ධන කටයුතු සඳහා පමණක් ඉන්දීය ආධාර ලබාගන්නා බවත් සී.වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කළේය.

Related posts

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

colombotoday

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

colombotoday

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday