Colombo Today Local News

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අද (12) පෙරවරු 10.00 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇත.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ වධ හිංසනයට  ලක් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධිය සම්බනධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන අතර පසුගිය මස 17 වනදා එහි නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

Related posts

බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

ඇමෙරිකාවෙි මහ මොළකරැ ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පස්සේ – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

colombotoday