Colombo Today Local News

උපරිම බලය බෙදීමකට සජිත් එකග වුණ… උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…

සජිත් ප්‍රේමදාස මහතා උපරිම බලය බෙදාහැරීම පිළිගත් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කළ බවත්, එම නිසා අප රටේ නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවිය යුත්තේ කුමක්ද යන්න උතුරු නැගෙනහිර ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබාදුන් බවත් ආර්. සම්පන්ධන් මහතා පවසයි.

පැවති ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට නව ජනාධිපතිවරයා ගරු කරනු ඇති බවට විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මහතා පවසයි.

උතුරු හා නැගෙනහිර සියලුම පරිපාලන හා මැතිවරණ දිස්ත්‍රික්කවලට අයත් ජනතාව බොහෝදුරට ඡන්දය ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට බවත්, එසේ ඡන්දය ලබා දුන්නේ උපරිම බලය බෙදාහැරීම පිළිබඳව වූ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව බවත් සම්පන්ධන් මහතා පෙන්වා දෙයි.

එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා උපරිම බලය බෙදාහැරීම අවශ්‍ය බව සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිගෙන තිබූ බවත්, ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන ලෙසට සිය ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කරයි.

සියලු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම තුළින් විශාල ආර්ථික හා සමාජ සංවර්ධනයක් අත්කර ගත හැකි බවත්, එමගින් රටේ සියලුම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Divaina

Related posts

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයි

Admin

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

Admin

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

colombotoday