Colombo Today Local News

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය අද (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට හෙට (22) දිනයේ ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පක්ෂය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

Related posts

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

දේවගැති ජෙරම්ට ඇප

Admin

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday