Colombo Today Local News

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ.

එහිදී රත්නපුර මහාධිකරණ ලංකා ජයරත්න මෙනෙවිය විසින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක සිර දඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසට ද නියම කර ඇත.

2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කහවත්ත පොලීසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රී මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

Related posts

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

Admin