Colombo Today Local News

29 වතාවක් රට ගිය හිටපු අධ්‍යක්ෂවරියක නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් වාර්තා නෑ

වසංගත රෝග විද්‍යා ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරියක විදේශගතවූ අවස්ථා 29කදී අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් බවට සනාථ කළ හැකි තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අග්‍රාමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය හෝ දිවයිනෙන් බැහැරව ගතකරන නිවාඩු සඳහා 126වැනි පොදු ආකෘති පත්‍රයේ අනුමත නිවාඩු ඉල්ලුම්පත්‍ර හෝ දිය යුතු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර මඩකලපු ශික්ෂණ රෝහලට අයත් රජයේ නිවාසවල පදිංචිව සිටි විවාහක හෙද නිලධාරීන් 14දෙනෙකු වෙනුවෙන් එම රෝහල ගෙවා තිබූ රුපියල් හත් ලක්ෂයකට වැඩි විදුලි ගාස්තු නිලධාරීන්ගෙන් අය කරගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

තවද නිවාස කමිටුවක් පත් නොකර රෝහලේ කාමර එකසිය තුනකින් සමන්විත රජයේ නිවාස නවයක් නිලධාරීන්ට වෙන්කර දීමට මඩකළපු රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

Related posts

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday

උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නෙ නෑ

Admin

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

Admin

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

colombotoday