Colombo Today Local News

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගිවිසුම උල්ලංඝණය කළේ යැයි පවරාගෙන එම සංස්ථාව පවත්වාගෙන යන රාජගිරිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් කිව්.ආර්. කේතය භාවිත නොකර ඉන්ධන නිකුත් කරන බව සෙසු ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති.

ජාතික ඉන්ධන කේතය හෙවත් කිව්.ආර්. කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කිරීම සහ අවම තොග නොපවත්වාගැනීම යන චෝදනා හේතුවෙන් මෙම ඉන්ධන පිරවුම්හල් සංස්ථාව පවරාගෙන ඇති බවත් අද වන විට එම පිරවුම්හල් දෙකේ සමස්ත පරිපාලනය ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.

එම පිරවුම්හල් දෙකේ සේවකයන් පවසන්නේ, කිව්.ආර්. කේතය පරීක්‍ෂා කිරීමට පිරවුම්හල් දෙක සතුව ජංගම දුරකථන නොමැතිවීමෙන් කිව්.ආර්. කේත පරීක්‍ෂාවෙන් තොරව ඉන්ධන නිකුත් කරන බවයි.

Related posts

STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්… පාතාල ලොක්කෝ දෙදෙනෙක් එළොව යති…

colombotoday

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin