Colombo Today Local News

කාලගුණයේ සතුටුදායක වෙනසක්

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ද.

මධ්‍යම, දකුණු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!

colombotoday

අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය අද

Admin

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday

ඥානසාර හිමි “අල්ලාගේ ලබ්බ” කියලා කිව්වා – පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ

colombotoday