Colombo Today Local News

අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට

ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


දැනට පවතින ලෝක ආර්ථික තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සළකා බලා දිය හැකි ජනතා සහන උපරිම ලෙස අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය.


එක්සත් ජාතික පෙරමුණු ජාතික සමගි රජය යටතේ ලබන වසරේ පෙබරවාරි අග ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ජනතා සහන රැසක් ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.


එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අයවැය ලේඛනය ඉකුත් නොවැම්බර් 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඔක්තෝබර් 26 වැනි දා සිට ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද මහ ලේකම්වරයා පැවසීය.

Related posts

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

colombotoday

වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර පහළොවක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

colombotoday

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

Admin

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday