Colombo Today Local News

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් වෙත උපදෙස් දී තිබේ.

පසුගිය බදාදා (06)දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කර තිබිණි.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දිනයක් ලබා දී තිබූ අතර, ඒ අනුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ත්, ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වෙදආරච්චි, නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්වූහ.

Related posts

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමේ… සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday