Colombo Today Local News

වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර පහළොවක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංජලිගම,වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ඊයේ (6)දින පස්වරුවේ ඇති වූ ගින්නකින් අක්කර පහළොවකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පස්වරුවේ හටගත් ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාපෘත වූ අතර ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය සහ තද සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් රක්ෂිතයේ පැතිර ගොස් තිබේ.

පසුව මෙම ගින්න වැල්ලවාය වන සංරක්ෂණ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා පාලනය කර ඇති අතර ඒ වන විට රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බව වාර්තා වේ.

මෙම රක්ෂිතයට කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබන්නට ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් පවසන අතර ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියේය.

පැය ගණනක අසීරු මෙහෙයුමකින් පසු රාත්‍රී වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇත.

Related posts

ආරක්ෂාව ගැන මම සහතික වෙනවා.. නැවත යාපනේ යන්න – ජනපති සිංහල සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

ආණ්ඩුව රණවිරු දඩයම නීතිගත කරලා.. මහින්දගෙන් මහානාහිමිවරුන්ට විවෘත ලිපියක් !

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියට

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday