Colombo Today Local News

ආරක්ෂාව ගැන මම සහතික වෙනවා.. නැවත යාපනේ යන්න – ජනපති සිංහල සිසුන්ගෙන් ඉල්ලයි

jaffna univercityයාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බවත්, කිසිදු බියකින් තොරව නැවත එහි ගොස් අධ්‍යයන කටයුතුවල නිරත වන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමව්පියන් පිරිසක් සමග ඊයේ ජනපති කාර්යාලයේ පැවති හමුවකදීය.

ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් වගකියන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ සංවේදිව කටයුතු කරන ලෙස පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙන බව ද සඳහන් කළේය. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශිෂ්‍යයින්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

Related posts

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට ලැබෙන සහනය

colombotoday

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday