Colombo Today Local NewsHot News

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

Malcom ranjith cardinalයෝජිත නව ව්‍යවස්ථාවෙන් මෙරට අනාගමික රාජ්‍යක් කිරීමට කර ඇති නිර්දේශවලට එරෙහිව අදහස් දක්වමින්, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු යැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කළ ප්‍රකාශය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ලංකා කතෝලික සභාව නියෝජනය කරන සියයකට ආසන්න ගිහි සහ පූජක පිරිසක් (03) බදාදා නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

ආගම ව්‍යවස්ථානුකුලව පැත්තකට කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒ අනුව බුද්ධාගමට හිමිවිය යුතු ස්ථානය අපි ලබා දිය යුතුයි, යනුවෙන් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් 25 සඳුදා ප්‍රකාශ කොට සිටියේ අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් පිළිගැනිම වෙනුවෙන් කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු උත්සවයකට එක්වෙමිනි.

මානව හිමිකම් පිලිබඳ සංකල්පය බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය යටකරන්නට සහ පැත්තකට දාන්න දරන උත්සාහයක් ලෙසින් ද කාදිනල්වරයාගේ හෙලා දැකීමට ලක්විය.

ඒ නිසා බටහිර රටවල් වලට් ඕනෑ විදියට මානව හිමිකම් මෙහාට ගෙනත් අපිට කවන්නට දෙන්නත් අපිට ඉඩකඩක් නෑ, යි ද එතුමන් ප්‍රකාශ කර තිබුනි.

එම ප්‍රකාශ හෙලා දකින කතෝලික ගිහි පූජක නිවේදනය සඳහන් කොට ඇත්තේ කොළඹ අගරද ගුරු ද වන මැල්කම් රංජිත් කාදිනල්වරයා දිවයිනේ අනිකුත් රදගුරු වරුන් එකොලොස් දෙනා හෝ ප්‍රාදේශීය සාමයික සභා හෝ නොවිමසා කරන ලද එම ප්‍රකාශ කොළඹ කතෝලිකයන්ගේ මතය හෝ නියෝජනය නොකරන පුද්ගලික මතයක් ලෙසිනි. යැයිද එම නිවේදනයේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව මානව හිමිකම් තහවුරු කරන, ජනතාවගේ වෙනස්කම් පදනම් කොටගෙන අගතියට පත් නොකරන එකක් සේ සංශෝධනය විය යුතු බවට කතෝලික රදගුරු සම්මේලනය 2013 දී ප්‍රකාශයට පත්කළ එඬේරික අනුශාසනා පත්‍රයද නිවේදනය මගින් කාදිනල් වරයාට සිහිපත් කර දී තිබේ. ජනතාවට එරෙහි විවිධාකාරයේ වෙනස්කම් කිරීම් සාධාරණිකරණය කරනාකාරයෙන් අර්ථකථනය කළ හැකි හෝ කියැවිය හැකි නම්, ව්‍යවස්ථාවේ අඩංගු වගන්ති හෝ කොන්දේසි සියල්ල ශ්‍රී ලංකාව අතහැර දැමිය යුතුය යන්න අපගේ දැඩි විශ්වාසයයි, යනුවෙන් සඳහන් වන අනුශාසනා පත්‍රයට ඉහලින්ම අත්සන් තබා ඇත්තේ අද මෙන් එදාත් අගරදගුරු සමුළුවේ සභාපති ධුරය ඉසිලූ මැල්කම් රංජිත් කාදිනල්වරයාය.

අධිනීතිඥ ලාල් විජේනායකගේ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථා සම්පාදනය සඳහා මත විමසූ කමිටුවට කතෝලික රදගුරු සමුළුව වෙනුවෙන් හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් සහ යාපනය දියෝකීසිය වෙනුවෙන් එස් වී බී මංගලරාජාද යෝජනා කොට ඇති සංශෝධන මේ වනවිට පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

Secularism-and-Human-Rights-statement-by-Catholics-03Aug2016-1-1 Secularism-and-Human-Rights-statement-by-Catholics-03Aug2016-1-2

Related posts

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

රාජ්‍ය දේපළ විකුණාගෙන කෑමේ ඉතිහාසයෙන් බිදක් මෙන්න !

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday

කඩු ගොඩක් ගෙනත් තියෙන්නේ උක් කපන්න. කඩුවයි පල්ලියයි පෙන්නලා බලුවැඩ කරන්න එපා – මරික්කාර්

colombotoday