Colombo Today Local News

බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියට

sljttආන්දෝලනයට තුඩු දුන්, මුස්ලිම් සංවිධානයක් විසින් බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කිරීමට එරෙහිව ගොණු කළ නඩුවේ මීළග නඩු වාරය ඔක්තෝබර් 08 වනදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

මීට වසර එකහමාරකට ඉහත දී තව්හීද් ජමාත් ඉස්ලාම් සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අබ්දුල් රාසික්දීන් නමැති අයෙකු විසින් “බුදුන් වහන්සේ මිනී මස් වැළදුවා, තෙරුවණ යනු ගල් තුනක්“ වශයෙන් බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝ පටයක් රට පුරා බෙදා හැර තිබුණු අතර එම වීඩියෝ පටය අන්තර්ජාලයට ද නිකුත් කර තිබුණා.

මොරටුව විශ්ව විද්‍යාලයට යොමු කළ අදාල විඩියෝ පටයේ පරීක්ෂණ වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියෝග කර තිබුණත් පසුගිය නඩු වාර දෙකේදීම එම වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සදහන්.

Related posts

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

colombotoday