Colombo Today Local News

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීම ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව කැකිල්ලේ තීන්දුවක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

එම සංගමය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව කැකිල්ලේ තීන්දුවක්

සහල් සදහා පාලන මිලක් නියම කර තිබියදී අදාල නිතිය ක්‍රියාත්මක නොකර ආනයනික සහල් සදහා වෙනත් මිලකුත් දේශීය සහල් සදහා තවත් මිලකුත් නිකුත් කීරීමට ජනාධිපතිවරයා අද දිනයේ නිකුත් කල නියෝගය තමන්ගේ සහෝදරයට මෙරට සහල් පාරිභෝගිකයා ගස කෑමට ඉඩ දීමකි. මක්නිසාද යත් මේ වනවිට මෙරට සහල් මාෆියාවේ ප්‍රධානියා ලෙස හදුන්වන ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙහයවන පුද්ගලයෙක් විසින් සහල් ආනයන කර ඇති අතර පාරිභෝගිකයාට පහසුවෙන් හදුනා ගත නොහැකි නිසා ආනයනික සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයා මෙම ජාවාරම සදහා කෙළින්ම සහය ලබා දි ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාලන මිල දෙකක් සහල් සදහා ඉදිරිපත් කලහොත් අප විසින් අධිකරණයේ අවධානය යොමුකරන්නේ මෙරට සහල් සහ ආනයනික සහල් පාරිභෝගිකයා හදුනාගන්නේ කෙසේද යන්න බලධාරින්ගෙන් විමසන ලෙසයි.

සහල් මාෆියාවට තවත් ඉඩ නොදී මෙරට සමස්ත පාරිභෝගිකයා රැක ගැනිම සදහා කටයුතු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර නැතහොත් සහෝදර සමාගමට එරෙහිව අප සටන් කිරීමට පසුබට නොවන බව මතක් කරමු.

රංජිත් විතානගේ
සභාපති

Related posts

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ

colombotoday

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin