Colombo Today Local News

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කළැයි කියන සැකකරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇති අතර කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඊයේ (01)දින නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි තැනැත්තෙකි.

කළුතර සතොස ශාඛාවට පොරේදා (31)දින පැමිණ ඇති සැකකරු රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් බවට එහි කළමනාකාරිනිය වන දන්කොලුවගේ රූපවතී යන අය දුරකථනයෙන් දකුණු කළුතර පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට සැකකරු සතොස පරිශ්‍රයෙන් පැන ඒ අසල ස්ථානයක සිට ඇත. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන් (55284) අල්විස් මහතාට බොතල් කටුවකින් ඇන ඇති බවත් එම අවස්ථාවෛ් එහි සිටි උප ​පොලිස් පරීක්ෂකවරයා මොහුගේ පාදයට වෙඩි තබා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉන්පසු වෙඩි පහර කාගෙන පලා ගිය සැකකරු නාගොඩ ප්‍රගති මාවතේ පිහිටි නිවසේ සිටියදී ​පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඊයේ (01)දින කළුතර නාගොඩ මහ රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කරන ලදී.

Related posts

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin