Colombo Today Local News

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 33 හැවිරිදි පුද්ගලයකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.

ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයකු බව කියන සැකකරුගේ නිවසෙහි තිබී ජංගම දුරකතන 10ක්, හෙරොයින් ග්‍රෑම් 7ක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු ගිණුම් පොතක් සහ මුදලින් රුපියල් 5,83,000 අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසෙන සැකකරු මීට පෙර අපරාධයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියදී ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාට ලැබීඇති තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද ජංගම දුරකතන දහය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා යොදා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Related posts

ඥානසාර හිමිට හෙටත් ඇප නොලැබෙන හැඩ

colombotoday

විදුලි ගාස්තුව වැඩි කරන්න වෙලා තියෙන්නේ

Admin

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

Admin

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසි

colombotoday