Colombo Today Local News

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ද ජනාධිපතිවරයා කීවේය.

සිරිසේන මහතා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක් වෙමිනි. රාජ්‍ය අංශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි සඳහා හරිත මාර්ගෝපදේශ සංග්‍රහය හා අගැයිම් ක්‍රමවේදය එළි දැක්වීමට මෙම උත්සවය පැවැත්විණි.

‘පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා. මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

Related posts

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

හිටපු ආණ්ඩුකාර මෛත්‍රීගේ පුත්‍රයාට පහරදුන් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග

colombotoday

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday