Colombo Today Local News

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

උතුරු, නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා ‘සංහිඳියාවේ නාළිකාව’ නමින් නව රූපවාහිනීනාළිකාවක් ශ්‍රීලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක්ද ලබාදී ඇති අතර, නව නාළිකාවට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ මේ වනවිටත් ඇනවුම් කර ඇතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (20දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

මෙම නාළිකාව සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදිකිරීමට චාවකච්චේරිය ප්‍රදේශයේ මීසාලෛයි වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දී තිබේ. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පවරාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍යඅමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික සංහිඳියාව ගොඩනැංවීමේදී පිටිවහලක් වන බැවින් ‘සංහිඳියාවේ නාළිකාව’ ආරම්භ කිරීමට රජය තීරණය කළ බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Related posts

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin

වීසා අවලංගු කල අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

colombotoday

ආරක්ෂාව සහතික කරන තුරු අපේ දරුවන් යාපනයට යවන්නෑ – විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියෝ

colombotoday