Colombo Today Local News

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ හා සිදුකරනු ලබන ව්‍යපෘති පිළිනොගෙන ආණ්ඩුවේ ඉඳගෙන ඒවා විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද (09දා) පිළිමතලාවේදී පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, ඉඩම් හිමිකම්පත් හා ඇස් කණ්ණාඩි බෙදාදීම සඳහා යටිනුවර ප්‍රාදේශීය සභාවේදී පැවැති උත්සවයකදීය.

එහිදී අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා,

“සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව කරන වැඩ පිළිවෙළට බනිනවා මාධ්‍යවලින් අපි දකිනවා. අපි බොහොම පැහැදිලිව ඒ ඇමතිවරුන්ට කියලා තියෙනව ඉන්න බැරිනම් යන්න කියලා.

අපිට තව මන්ත්‍රීවරුන් ඉන්නවා ඒකාබද්ධ විපක්ෂයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුත්. ඒ අය කියන්නෙ කැබිනට් ඇමති කමක් නැතත් නියෝජ්‍ය ඇමති කමක්වත් දෙන්න අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා යටතේ එකතු වෙලා වැඩ කරන්න කැමතියි කියලා” යැයි පවසා සිටියේය.

Related posts

රන්ජන් නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාරයට

colombotoday

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

colombotoday

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday